මහනුවර කලාපයේ ගුරුවරුන්ගේ එන්නත් කිරීමේ වැඩපිළිවෙළ 2021 - 07 - 20 වන අඟහරුවාදා දින ඇරඹීමට සැලසුම් කර ඇත. ඒ සඳහා මහනුවර මහමායා බාලිකා විද්‍යාලය ලබා ගැනීමට තීරණය කර ඇත. කලාපයේ සමහර පාසල් දැනටමත් මහජනතාවගේ එන්නත් කිරීම් සඳහා යොදාගෙන ඇති බැවින් පිරිස් කළමනාකරණය හා පහසුකම් අතින් ලබා ගැනීමට ඇත්තේ මහමායා බාලිකා විද්‍යාලයයි. අවම කාලයකින් එන්නත් කිරීම තුළින් ගුරුවරුන්ට සිදුවන අනවශ්‍ය ප්‍රමාදවීම් වලක්වා ගැනීම අපගේ එකම අරමුණයි.
ඒ සඳහා එන්නත් කරන ප්‍රවීණ අප කාර්ය මණ්ඩලය ඔබ සඳහා යෙදවීමට හැකි වීම අප ලැබූ ජයග්‍රහණයකි. දැනටමත් එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපලේ සිට කොළඹට ලැබෙමින් පවතී. මහනුවරට ලැබෙන දිනය අනුව අඟහරුවාදා දින එන්නත්කරනය ඇරඹීමට හැකි බව දැනට ඇති නිගමනයයි.
එන්නත ලබා ගැනීමෙන් පසු පැය 48 ක් කාලයක් යන තුරු උණ ඇගපත වේදනාව වැනි අතුරු අබාද අපේක්ෂා කළ හැකි වුවත් ඒවා බලාපොරොත්තු විය හැකි ප්‍රමාණය ඉතා සීමිතය.
එන්නත් ලබා ගැනීමෙන් පසු ඇති වන මෙවන් අපහසුතාවයන් සදහා පැරසිටමෝල් වර්ගයේ බෙහෙතක් බාවිතා කලාට කම් නැත.
එන්නත ලබා ගත් පසු නෑමට හැකිය.
එන්නත් ලබා ගැනීමෙන් පසු නොගත යුතු අහාර හෝ පාන වර්ග නැත.
ඔබ දිනපතා ලබා ගන්නා බෙහෙත් වර්ග එන්නත ලබා ගත් පසුවද පුරුදු පරිදිම බාවිතා කරන්න. ඒවා නොගෙන සිටීම අවශ්‍ය නොවන අතර නොගෙන සිටීමෙන් වෙනත් අහිතකර ප්‍රතිපල ඇතිවිය හැකිය.
එන්නත ලබා ගැනීම යනු හෙට සිට රෝගය වැළදෙන්නේ නැත යන්න නොවේ.
ශරීරය තුල ප්‍රමාණවත් පරිදි ප්‍රතිශක්තිය ගොඩ නැගීමට සති 6 ක පමණ කාලයක් ගත වේ.
එනිසා,
එන්නත ලබා ගත් පසුව උවද මුලික රෝග මර්ධන ක්‍රම ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වෙයි.
එනම්,
1. පුද්ගල දුරස්ථභාවය
2. නිවැරදිව පළදින මුව ආවරණ
3. මුහුණ අතින් ඇල්ලීමෙන් වැළකීම
4. නිරන්තරයෙන් දෑත සේදීම
එන්නත ලබා ගැනීමෙන් පසු කුමක් හෝ අසාමාන්‍ය අපහසුතාවයක් ශරීරයට දැනෙන්නේ නම් නොපමාව වෛද්‍ය උපදෙස් පතන්න.
එන්නත් ලබා ගැනීමෙන් පසු දින 2-3 අතර කාලයේ හොදින් ජලය පානය කරන්න. එය අපහසුතා අවම කරවයි.
එන්නත් කාඩ් පත සුරැකිව තබා ගන්න.දෙවන මාත්‍රාව ලබා දෙන අවස්ථාව සදහා එය අත්‍යවශ්‍ය වෙයි. ඉන් පසුවද එයා සුරක්ෂිතව තබා ගත යුතුය.
ස්තුතියි !