විදුහල්පති පණිවිඩය
බෝපිටිය රාජසිංහ ජාතික පාසල
දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගල අප පාසල මධ්‍යම පළාතෙහි පිහිටි දීප්තිමත් පාසලකි. අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික තලයෙහි අද්විතීය ජයග්‍රහණ රැසකට ජයකෙහෙලි නංවුයෝ වෙති.කීර්තිමත් ආදි සිසුන් වන ඔවුහු ඉහළ පෙළෙහි තනතුරු දරමින් රටට දැයට සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති.
පසුගිය වසර පුරා තොරතුරු තාක්ෂණ අංශයෙන් සුවිශේෂී වර්ධනයක් තහවරු කළ අප විදුහල නවතම වෙබ් අඩවියක් හරහා සන්නිවේදනයෙහි නිරත වීම සුවිශේෂි වීම අතිශයින් අගය කරමි.
මේ සමග සම්බන්ධ වීමේන් පාසලෙහි උන්නතිය සදහා සහයෝගය දක්වන මෙන් පාසල සමග බද්ධ වන සියලු පාර්ශවයන්ට ආරාධනය කරමි.
පාසල් ඉතිහාසයෙහි නවතම සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් වන මෙම සත් කාර්යය සාර්ථක කර ගැනීම සදහා උරදුන් සැමට මාගේ කෘතවේදීත්වය පළ කරන අතර දරු දැරියන්ගේ යහ ගුණ මෙන්ම අධ්‍යාපන කටයුතුද දිනෙන් දින වර්ධනය වීමෙහි ලා මාගේ සුභාශිංශනය පුද කරමි.
විදුහල්පති,
බෝපිටිය රාජසිංහ ජාතික පාසල