මෙම විද්‍යාලය 1928 අගෝස්තු මස දෙවෙනි දින ආරම්භ වී ඇත.ආරම්භක විදුහල්පතිවරයා තැබු ලොග් සටහන පහත දැක්වේ.
1928 1928 අගෝස්තු මස දෙවෙනි දින පොල් අතු සෙවිල කළ කුඩා මඩුවක ආරම්භ කර මහ / බෝපිටිය රාජසිංහ ජාතික පාසලේ ආරම්භක ගොඩනැගිල්ලේ විශාලත්වය 50 හා 20 පමණ වේ. පී.යු.එල්.බණ්ඩාර මහතා මෙහි ආරම්භක විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ අතර ගුරුභවතුන් දෙදෙනෙකුගේ සහය ලැබුණි.මුල්ම ශිෂ්්යයා ලෙස ඇතුලත් වුයේ දෙවන රාජසිංහ රජුගෙන් අක්කර 500 ක ගම්වාරයක් හිමිවු පරම්පරාවෙන් පැවත එන නීලවල ග්‍රාමයේ ගම්මුලැදෑනියකු වන ආර්.පී.වලිරත්න ශිෂ්‍යයායි.මේ පිළිබද තොරතුරු මග දිගට ජන කතා කෘතියෙහිද ඇතුළත් වේ.
මේ ආකාරයෙන් ආරම්භ කළ මෙම විද්‍යාලයේ ප්‍රථම විදුහල්පතිවරයා වු පී.යූ.එල්.බණ්ඩාර මහතාගේත් ගුරුවරුන්ගේත් අවට ගම්වාසීන්ගේත් නොමසුලු සහයෝගය හා උනන්දුව නිසා විදුහල ක්‍රමයෙන් දියුණු වන්නට විය.
පී.යූ.එල්.බණ්ඩාර විදුහල්පතිතුමාගෙන් පසුව එම තනතුරට පත් වුයේ කේ.බී.හේරත් මහතාය. එතුමාද විදුහලේ දියුණුවට අගනා වැඩ කොටසක් සිදු කළ අතර 1950 වර්ෂය වන විට එතුමාගේ සේවා කාලයද අවසන් වු අතර ඉන් පසු විදුහල්පති තනතුරට පත් වුයේ කේ.බී.ඒකනායක මහතාය.ඔහුගේ සේවා කාලය තුළ එතුමාගේ දැඩි උත්සහය සහ උනන්දුව නිසා විද්‍යාලයට තවත් ගොඩනැගිලි දෙකක් එකතු කර ගැනීමට හැකි වු අතර ගුරුභවතුන්ගේ සංඛ්‍යාවද 8ක් දක්වා වැඩි කර ගැනීමට හැකි විය.1955 වන විට ගුරුවරුන්ගේ සංඛ්‍යාවද 8 ද ශිෂ්‍යයින් සංඛ්‍යාව 23 ක්ද වු අතර 1 ශ්‍රේණිය සිට 10 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වු බවට තොරතුරු සොයා ගත හැකිය.
පාසල පෙ.ව. 8 ට ආරම්භ කළ බවත් ප.ව. 1.30 ට අවසන් කළ බවත් ලොග් සටහන් පොතේ සදහන් විය.තවද එකල සිටම පස්ගම සහ හගුරන්කෙත වාර්ෂික ඇසළ පෙරහරේ දිය කැපීමේ උත්සවය වෙනුවෙන් පාසලේ වරුවක නිවාඩුවක් ලබා දීමද කරගෙන එන බවත් එහි සදහන් වේ.
තවද 1931.01.11 , 1935.01.30 හා 1935.12.14 යන කාලසීමාව තුළ ඇති වු මැලේරියාව වසන්ගත රෝගයක් නිසා පාසල වසා තැබු බවද එහි සදහන් වේ.
විද්‍යාලයේ පළමුවෙන්ම ඉගෙනුම ලැබු සිසුන්ට දිවා ආහාරය වශයෙන් බත් හා එළවලු වෑංජන දෙකක් සැපයු අතර ඊට අවශ්‍ය සහල් හා එළවලු රජයෙන් මෙන්ම ගම්වාසීන්ද සැපයු බවට ජනප්රවාදයේ පවතී.
මෙකල සිදු වු ඉතා වැදගත් සිද්ධීයක් වුයේ ශ්‍රි ලංකාව බි්රතාන්යය යටත් විජිතයක් නිදහස් වී ස්වාධීන රාජ්‍යයක් බවට පත් වීමයි.ඒ අනුව 1948.02.04. වන දින අපේ රට නිදහස් ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් බවට පත් වී කථික ධජය ළෙලදෙන්නට විය.
1955 වන විට කේ.බී.ඒකනායක විදුහල්පතිතුමාගේ සේවා කාලය අවසන් වු අතර ඉන්පසු 1958 දක්වා විදුහල්පති තනතුරේ වැඩ බලන ලද්දේ යූ.බී.රත්නායක මහතාය.විදුහල්පතිවරයා වශයෙන් මෙතුමාද විද්‍යාලයේ දියුණුවට ඉමහත් කැපවීමකින් යුතුව සේවය කරන ලදි.
1958 වන විට යු.බී.රත්නායක මහතාගේ සේවා කාලය අවසන් විය. ඉන් අනතුරුව විදුහල්පති වුයේ පී.බී.දිසානායක මහතාය.1958 පළමු වන මාසයේ 1 වන දින විද්‍යාලය මහා විද්‍යාලයක් බවට උසස් කරන ලදි.මේ නිසා මෙම විද්‍යාලයේ ඉගෙනුම ලැබු අවට ගැමි දරුවන් හය අධ්‍යාපනය ලබා සරසවි වරම් ලබා ගැනීමේ භාග්‍යය උදා විය.මහා විද්‍යාලයක් බවට උසස් කිරීමත් සමග පැමිණෙන සිසුන් සංඛ්‍යාවද ඉහළ ගිය අතර උගත් ගුරුවරු පිරිසක්ද විද්‍යාලයට ලැබුණි. පී.බි.දිසානායක විදුහල්පතිතුමාද ඉමහත් උනන්දුවෙන් විද්‍යාලයේ දියුණුව උදෙසා ක්‍රියාශීලීව වැඩ කළ අතර ගම් ප්‍රදේශයේ පෙරට වඩා දියුණුවක් දක්නට ලැබුණි.විද්‍යාලයේ වර්ධනයත් සමගම එහි ජනප්රියභාවයද ක්‍රමයෙන් වර්ධනය විය.1958 දී ආරම්භ වු පී,බී.දිසානායක මහතාගේ සේවාකාලය 1961 අවසන් විය.ඉන් පසු එම තනතුර සදහා පත් වූයේ ආර්.එම්.ප්‍රනාන්දු මහතාය.විදුහල්පතිවරයෙකු වශයෙන් ඒ මහතා වසරක පමණ කෙටි කාලයක් සේවය කරන ලදි.ඉන් පසු 1962 දී එම තනතුරේ වැඩ භාරගන්නා ලද්දේ ඒ.ජේ.හේවාවසම් මහතාය.ඔහුද පාසලේ ප්‍රගතිය සදහා වැඩකටයුතු කරන ලද විදුහල්පතිවරයෙකි.
මේ වන විට මෙතෙක් සේවය කළ විදුහල්පතිවරුන් සහ ගුරුමණ්ඩලය, ගම්වාසීන්ගේ උනන්දුවෙන් , රජයේ සහයෝගය ආදීය නිසා විදුහල ප්‍රගතිය සදහා ගමන් කළේය.
1966 - 1674 දක්වා වසර 8 ක පමණ කාලයක් එම්.එම්.එස්.සමරසිංහ මහතාද 1974 - 1984 දක්වා දිගු කාලයක් යටවර ප්‍රියරතන හිමියන්ද විදුහල්පති තනතුරේ වැඩ බලන ලදි.
පාසල ආරම්භය සිට දිගු කලක් යන තුරුම මෙම විද්‍යාලයේ විදුහල්පති තනතුර උසුලන ලද්දේ ගිහි පක්ෂයක් වුවද පැවදි හිමි නමක් විදුහල්පතිවරයෙන් වශයෙන් පත්වීම ප්‍රදේශයේ ජනතාවය විශේෂ සිදුවිමක් වු අතර විදුහල විශේෂ ගෞරවාදරයට පාත්‍ර විය.උන්වහන්සේ පාසල හා ප්‍රදේශය වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටු කළ හිමිනමකි.එම කාලය තුළ සිසුන් වැඩි වශයෙන් බෞද්ධාගම කෙරෙහි නැඹූරු වූ අතර සිසුන්ගේ විනය තත්වයද උසස් අන්දමින් පැවතුනි.එමෙන්ම සිසුන් හා ගුරු සබදතා වැඩිදියුණු කිරීමට උන්වහන්සේ සමත් විය .
යටවර ප්‍රියරතන හිමියන්ගෙන් පසුව 1984 - 1987 දක්වා නිමල් ජයසිංහ මහතා විදුහල්පති වශයෙන් කටයුතු කරන ලදි.මේ කාලය වන විට ගුරුවරුන් සංඛ්‍යාව 41 න් විය.1987 සිට 1991 දක්වා ඊ.එම්.කරුණාරත්න මහතාද 1991 සිට කේ.එම්.එම්.බී.කහවත්ත මහතාද විදුහල්පති වශයෙන් කටයුතු කර ඇත.මෙම විදුහල්පතිවරයාගේ කාලයේදී බුදු මැදුරත් ඉදි විය.1994.06.22 වන දින මෙම විද්‍යාලය ජාතික පාසලක් බවට පත් විය.ඒ ගුරු මණ්ඩලයද ආදි සිසුන්ගේද සුබ පතන්නන්ගේද දැඩි කැපවීම මතයි.
වර්ෂ 2000 දී විදුහල්පතිවරයා වශයෙන් ඩී.එම්.වලිසුන්දර බණ්ඩා මහතා පත් විය.පාසලේ දියුණුව සදහා විශාල සේවයක් මේ සදහා සිදු විය.විද්‍යාලයේ ඉදිරිපිට තිබු අබලන් වු ගේට්ටුව ඉදි කරන ලදි.පාසල දක්වා අභ්‍යන්තර මාර්ගය සකස් විය.මෙතෙක් පාසලට අඩුපාඩුවක්ව පැවති දුරකථනයක් ලබා ගන්නා ලදි.පාසල තුළ විධිමත් කළමණාරකණයක් ඇති විය.පාසලේ ආරම්භය සහ අවසානය විධීමත් විය.පාසල් පරිසරය අලංකාර විය.අධ්‍යාපන තත්වය උසස් වු අතර පාසල් ලිපිකරුවන් සහ සනීපාරක්ෂක සේවයක්ද ලබා ගන්නා ලදි.උ.පෙළ , සා.පෙළ හා 5 වසර ශිෂ්‍යයත්වය සාමාර්ථයන් වැඩි කර ගැනීමට හැකි විය.මෙසේ බෝපිටිය රාජසිංහ ජාතික පාසලේ දිනෙන් දින දියුණුවට පත් විය.
වර්ෂ 2019 මැයි මස 17 වන දින විදුහල්පතිවරයා වශයෙන් එච්.පී.උපාලි ජයසිංහ බණ්ඩා මහතා පත් විය.පාසලේ දියුණුව උදෙසා විශාල සේවයක් කරන්නට මහත් වෙහෙසක් මෙතුමා දැරීය.ඒ අනුව පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ අධ්‍යාපනය නංවාලීම උදෙසා 11 ශ්‍රේණීයේ සිසු දරු දැරියන් උදෙසා සවස් කාලයේ පන්ති 2020 මැයි මස 20 වන දින සිට ආරම්භ කළේය. 26්‍ර පමණ පැවති අ.පො.ස. සා.පෙළ ප්‍රතිඵල මෙමගින් 77% දක්වා ඉහළ නැංවිනි.අධ්‍යාපනයේ උන්නතිය උදෙසා විශාල මෙහෙයක් කිරීම හේතුවෙන් වසර 5 කට පමණ පසු ශිෂ්‍යයත්ව විභාගයෙන් ශිෂ්‍යයන් දෙදෙනෙක් සමත් වී පාසලට කීර්තියක් ගෙන දුනි. අ.පො.ස. උ.පෙළ වාණිජ අංශයෙන් ද විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ දරුවන් දෙදෙනෙක් බිහි වුයේ ද වසර 8 කට පසුවයි.අධ්‍යාපන කටයුතු ඉහළ නැංවීමට අමතරව පාසල් පිරියත කෙරෙහි ද අවධානය යොමු කර ඇත.පාසලට පිවිසෙන කුඩා මාර්ගය පිලිසකර කරන ලදි.ඉන් ඉතා අපහසුවෙන් ගමන් ගත් ගුරු සිසු දෙපාර්ශවයම සුව පහසු ලෙස පාසල් භුමි පරිශ්‍රයට ඇතුලු විය.සිසු දරු දැරියන්ගේ අවශ්‍යතාවය මත සනීපාරක්ෂක කටයුතු නැවත නගා සිටුවීය.පාසල් පරිශ්‍රය තුරු ලතාවලින් අලංකරණයටද දායකත්වය ලබා දුන්හ.නිරන්තර ගුරු සිසු දෙමාපිය යන ත්‍රිත්වය තුළ මනා ඒකාබද්ධතාවයක් ඇති කරන්නට වෙහෙස දැරූ එතුමා ප්‍රජා සබදතාවය මනාව පවත්වාගෙන ගියේය.කලක් අක්‍රීයව පැවති ඇමතුම් පද්ධතිය සක්‍රීය කරන්නටත් වසර 12 කට පමණ පසු ස්ථාවර දුරකථන යාවත්කාලීන කිරීමටත් ඉදිරි වැඩ කටයුතු පහසුකර ගැනීමට අන්තර්ජාල පහසුකම්ද ලබා දීමට කටයුතු කරන ලදි.පාසලේ අවශ්‍යතාවයක්ව පැවති ක්‍රීඩාගාරයද ගම්පෙරලිය වැඩසටහන යටතේ ඉදිකිරීමටද සමත් විය.මෙසේ පහ වසර ශිෂ්‍යත්ව සාමාර්ථයන් අ.පො.ස. සා.පෙළ ප්‍රතිඵල ඉහළ යාම සහ උසස් අධ්‍යාපනය සදහා සිසුන් සමත් වීම ආදී අධ්‍යාපනික මට්ටම් වලින් හා පසල් පිරියත තුලින් බෝපිටිය රාජසිංහ ජාතික පාසල දිනෙන් දින දියුණු වී බැබලෙන්නට පත්විය.
වර්ෂ 2021 ජුනි මස 18 වන දින මේ දක්වා පාසලෙහි විදුහල්පතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ඩබ්.එච්.එම්.ආර්.ආර්.හේරත් මහතාය.පාසලෙහි වත්මන් දියුණුව උදෙසා මෙතුමාගෙන් වන සේවයද අතිමහත්ය.
|
ආරම්භ කළ වර්ෂය |
1928 අගෝස්තු 02 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
10 |
|
මුල්ම ශිෂ්‍යයාගේ නම |
ආර්.පී.වලිරත්න |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
බෝපිටිය රාජසිංහ ජාතික පාසල |
|
පාසල පැවැත්වූ ස්ථානය |
පොල් අතු සෙවිල කළ කුඩා මඩුවක පාසල පවත්වා ඇත. |