• (+94) 81 2073296
  • bopitiyarajasinghenational@gmail.com
previous arrow
next arrow
PlayPause
Shadow
Slider

 මහ/බෝපිටිය රාජසිංහ ජාතික පාසල 

මධ්‍යම පළාතේ මහනුවර මනරම් කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. මේ අතරින් වසරක් පාසා සරසවි මව් තුරැලට විදුමව් තුරුලින් නික්මෙන දූ දැරියන්ද ඉහළ අගයක් ගනු ලබන්නේ රාජසිංහ මාතාවගේ නාමය දසදිග පතුරුවමිණි.

විවිධ ජාතීන්ට අයත් සිසුන් අප පාසලේ ඉගෙනුම ලැබුවද, එකමුතුකම සහ ඔවුන්ගේ නොපසුබස්නා උත්සාහය පාසලෙහි සෑම  ජයග්‍රහණයක්  කරාම  ගෙන යන අතර අධ්‍යයන කටයුතුවලදී පමණක් නොව ක්‍රීඩා, සෞන්දර්ය යනාදී විෂය බාහිර ක්‍රියාකාරකම් වලින් ද ඔවුන් විවිධ ජයග්‍රහණය කරා ගෙන යයි.

චිත්‍ර, නැටුම්, සංගීත , රංග කලා යන විෂයධාරා ඔස්සේ විවිධ ජයග්‍රහණ ලද දූ පුතුන් පාසල් මාතාවට එක් කරන්නේ කල  එළියකි.

Read More

  පාසලේ දැක්ම

අප වෙත පැමිණෙන දරැවන් යහපත් පුරවැසියන් බවට පත් කරන ප්‍රදේශයේ විශිෂ්ඨතම පාසල බවට පත් කිරීම අපගේ දැක්ම වන්නේ ය.

 

අපගේ මෙහෙවර

සිප් සතර දායාද කර ගැනීමට අප වෙත පැමිණෙන දරැ දැරියන් නූතන වැඩ ලෝකයට අවැසි නිපුණතාවයන්ගෙන්ද ආකල්ප වලින්ද දැනුමෙන්ද පෝෂණය වු යහපත් පුරවැසියන් බවට පත් කිරීමට කටයුතු කිරිම අපගේ උතුම් මෙහෙවර වන්නේය.

 

Card image cap 01 Oct2020
05 ‍ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 ඉරිදා පැවැත්වේ. -උසස් පෙළ විභාගය නොවැම්බර් 15වන දින සිට දෙසැම්බර් 10 දක්වා පැවැත්වේ.

– 05 ‍ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 ඉරිදා පැවැත්වේ. -උසස් පෙළ විභාගය නොවැම්බර් 15වන දින සිට දෙසැම්බර් 10 දක්වා පැවැත්වේ.

• සා/පෙළ සෞන්දර්යය විෂයයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු 28 සිට සැප්තැම්බර් 08 දක්වා පැවැත්වේ.

• පළමු ශ්‍රේණියට අයදුම්පත් භාර ගන්නා දිනය අගෝස්තු 07 දක්වා කල් දැමේ.

-අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්.

Card image cap 01 Oct2020
Covid 19 Vaccination

මහනුවර කලාපයේ ගුරුවරුන්ගේ එන්නත් කිරීමේ වැඩපිළිවෙළ 2021 - 07 - 20  වන අඟහරුවාදා දින ඇරඹීමට සැලසුම් කර ඇත. ඒ සඳහා මහනුවර මහමායා බාලිකා විද්‍යාලය ලබා ගැනීමට තීරණය කර ඇත. කලාපයේ සමහර පාසල් දැනටමත් මහජනතාවගේ එන්නත් කිරීම් සඳහා යොදාගෙන ඇති බැවින් පිරිස් කළමනාකරණය හා පහසුකම් අතින් ලබා ගැනීමට ඇත්තේ මහමායා බාලිකා විද්‍යාලයයි. අවම කාලයකින් එන්නත් කිරීම තුළින් ගුරුවරුන්ට සිදුවන අනවශ්‍ය ප්‍රමාදවීම් වලක්වා ගැනීම අපගේ එකම අරමුණයි.